රුපියල් පන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තායිලන්ත ජාතික රියැදුරන් වන බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජි කපිල පැවසුවේ.

සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් රැගෙන ආ ගමන්මලු තුනක රූපලාවන්‍ය ආලේපන අඩංගු බදුන් තුළ , සූක්ෂම ලෙස අසුරා , තිබියදි එම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

එහි තිබී සොයාගෙන ඇති ” හෂීෂ්” මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 05කට අධිකයි.

සැකකාර විදෙස් රියදුරන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.