පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට අයත් පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් අනුවයි.
ඒ අනුව නුවරඑලිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට අයත් පාසලේ මෙලෙස වසා තැබෙනවා.
හැටන් සහ නුවරඑලිය කලාපවල පාසල් අද දිනයේ වසා දැමුණා.
මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් -කොළඹ සහ හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කදු සහ ගස් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසනවා.
ගිනිගත්හේන හැටන් ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත, වටවල සහ දියගල යන ප්රදේශවලදීද මාර්ගය මත පස් කදු සහ ගස් කඩා වැටී ඇති බවත්, ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගය අඹගමුව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති බවත් පොලීසිය පැවසුවා.




