හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණියා.

ඒ, එම කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ ප්‍රකාශය සටහන් කර ගන්නා බවයි වාර්තා වුණේ.

මේ අතර මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.