Published
රුපියල් මිලියන 28 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්රධානි නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුනි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
එම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි අධිකරණය හමුවේ පෙනී සිටියා.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවත් එහි ප්රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව පැමිණිල්ල ජුනි මස 09 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම විමර්ශනවල ප්රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කලා.




