හිටපු බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ කොමිසම සිදුකල විමර්ශණයකදී එය හෙළිවී වූ බවයි.
එම විමර්ශණයේ අවසන් තීරණය සහිත වාර්තාවක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යංශය වෙත යොමුකර ඇති බවද නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා ප්රකාශ කළා.
හිටපු බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි එම විමර්ශණයේදී අණාවරණ වී තිබෙන්නේ.
ඊට අමතරව උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමද නිවැරදි ක්රම ඔස්සේ සිදුව නොමැතිබව එහිදී අණාවරණවී තිබෙනවා.
විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමැත්තෙකු ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව නිදහස් කිරීමේ චෝදනාව මත තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කෙරුණේ
ඒ, පසුගිය වසරේ ජුනි මස 09 වනදායි.
ජුනි මස 10 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගරගත ගත කර පසුව ඇප මත නිදහස් කෙරුණා.




