Published
කුරුදුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් මීට පෙර වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.
එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව මෙම නඩුකරය නැවත ජනවාරි මස 25 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින නීතිපති උපදෙස් සම්බන්ධ කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළා.




