ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හෙට දිනයේ දිවයින තුළට ඇතුළුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ හම්බන්තොට සහ කල්මුණේ අතරින් හෙට පස්වරුවේ එය දිවයින තුළට ඇතුළුවනු ඇති බවයි.

බොහෝ ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්‍ෂා කරන බවයි ඔහු කියාසිටියේ.

මේ අතර ප්‍රධාන ජලාශ 73 න් 25 ක් මේ වනවිට වාන් දැමීම සිදුවන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.