Published
අම්බලන්ගොඩ සහ බලපිටිය ප්රදේශවල සිදුකළ වැටලීම්වලදි හෙරොයින් කිලෝ 14 යි ග්රෑම් 112 ක්, අයිස් කිලෝ 13 යි ග්රැම් 32 ක් හා ජීව පතරොම් 60 ක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අහුන්ගල්ල පොලිස් ස්ථාන විසින්.
අම්බලන්ගොඩ. මාදම්පාගම ප්රදේශයේදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඇය සන්තකයේ තිබී අයිස් කිලෝ 5 යි ග්රෑම් 178 ක්, හෙරොයින් කිලෝ 7 යි ග්රෑම් 472 ක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව පතරොම් 30 ක් හා මිලිමීටර් 3.8 වර්ගයේ පතරොම් 30 ක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය ප්රදේශයේදියි.
ඔවුන් සන්තකයේ තිබී සෙසු අයිස් සහ හෙරොයින් තොගය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.




