“හෙළයේ ගීත කෝකිලාවිය” ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය අභාවප්‍රාප්තවන විට 92 වන වියේ පසුවුණා.
අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද පස්වරු 03.00 සිට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.
ලබන 30 වනදා දක්වා දේහය එහි තැන්පත් කර තැබෙන බවයි ලතා වල්පොල මහත්මියගේ පවුලේ ඥාතීන් පැවසුවේ.
ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 31 වනදා සිදු කිරීමට නියමිතයි.
1934 වසරේදී ගල්කිස්සේදී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේදී සිය පළමු ගායනය ඉදිරිපත් කළා.
ඒ, වයස අවුරුදු 12ක දැරියක් ලෙසයි. එලෙස කලා ජීවිතය ආරම්භ කළ ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා.
ඒ අතරට විදෙස් භාෂා ගීත ද අයත්. සිනමාවේ සදාකාලික “ගී රාජිණිය” ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා තිබෙනවා.
1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් ලතා වල්පොල මහත්මිය සිනමා පසුබිම් ගායනයට පිවිසියා.
එලෙස සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය පසුගිය දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ද ලබාදී තිබෙනවා.




