කටාන - කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාඋස්සාකැලේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

ඔහු තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී එලෙස දියේ ගිලී ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.