Published
හෝමාගම, පිටිපන මංසන්ධියේ ජල නළයක කාන්දුවක් සිදුව තිබෙනවා.
ඒ අනුව මේ වනවිටත් විශාල ජල ප්‍රමාණයක් එම ස්ථානයෙන් හයිලෙවල් මාර්ගය පුරා ගලා යන බවයි නෙත් නිවුස් ඇමතූ ශ්‍රාවකයෙකු වන සුගත් චාමින්ද පැවසුවේ.
"අද උදෑසන අපි එන විට දුටුවා පිටිපන හන්දියේ ජල නලයක් කැඩිලා වතුර කාන්දු වෙනවා. මම විශේෂයෙන් කියන්න ඕන පාපැදිකරුවන්, යතුරුපැදිකරුවන්, එතකොට වාහන ධාවනය කරන අය බොහෝම ප්‍රවේශමෙන් ඉන්න මේ වෙලාවේ. ලොකු වතුර පාරක් පාර හරහා යනවා. ඒක එකපාරට පේන්නෙත් නෑ පාරේ. බොහෝම ප්‍රවේශමෙන් ඉන්න කියලා ඉල්ලා සිටින අතර, බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේක ඉක්මනටම නඩත්තු කටයුතු කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා."
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ බලධාරීන්ද දැනුවත් කළා.
බලධාරීන් කඩිනමින් ඊට මැදිහත්වනු ඇතැයි නෙත් නිවුස් අප අපේක්‍ෂා කරනවා.




