මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුබෝවිල රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය හා පොලිස් විශේෂ විමර්ෂන ඒකකය මගින් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මෙම සිද්ධියට අදාලව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය ඊයේ දින සිට අත්හිටුවීමට පියගෙන ගනු ලැබුවා.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටියදී එලෙස මියගොස් තිබුණේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවටයි.