හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සමබන්ධයෙන් මේවන විට දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිව්ස් පොලිස් මාධ්ය කොට්ටාසයෙන් විමසීමක් කළා.
ඔවුන් පැවසුවේ මියගිය 29 හැවිරිදි සැකකරු ඊයේ අලුයම අයිස් මිලිග්රෑම් 400ක් සමඟ හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි.
එදින දහවල් කාලයේදී ඔහු ශරීරකෘත්ය සිදුකිරීම සඳහා වැසිකිළියට යාමට අවශ්ය බව ප්රකාශ කිරීමත් සමඟ පොලිස් නිළධාරියෙකුගේ ආරක්ෂාව යටතේ ඔහුව පොලිස් සිරමැදිරියෙන් පිටතට ගෙන වැසිකිලිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ආපසු පැමිණීමෙන් පසු සැකකරු හදිසියේම රෝගීවීමත් සමඟ ඔහු ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා.
මිනිත්තු 30කට ආසන්න කාලයක් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී සැකකරු මියගිය බවට වෛද්යවරුන් තහවුරු කළ බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසුවේ.
අදාළ සැකකරු අත්අඩංගුවට පත්වීමට පෙර එනම් 24 වෙනි දින කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලටම ඇතුළත්ව ඇති බව ද වාර්තා වනවා.
එලෙස ඇතුළත් වු ඇඳ ඉහපත් අංකයක්ද පවතින බවයි පොලිස් මාධ්ය කොට්ටාසය පැවසුවේ.
එහෙත් එම සැකකරු එදිනම සවස රෝහලට නොදන්වා පිටව ගොස් ඇති බවද පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසුවා.




