නිකවැරටිය රෝහලේ පොලිස් ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන එම පුද්ගලයා ගම්වාසීන් විසින් අල්ලා ගස් බැද පසුව සිය නිලධාරීන් වෙත භාරදුන් බවයි.

පසුව සැකකරු පොලිස් භාරයේ සිට රෝහල් ගතකිරීමෙන් පසු මෙලෙස මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා අල්ලා ගැනීමෙන් පසු ඔහු ගස් බැද පහර දුන් බව කියන ප්‍රදේශවාසීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.