ඉරානයේ නව නායකත්වය ඉලක්ක කර ඊශ්‍රෘයලය ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා වගකිව යුතු කණ්ඩායමකට අයත් ගොඩනැගිලි සංකීර්ණයකට එලෙස ඊශ්‍රාය ආරක්ෂක අංශ පහර දුන් බවයි ඊශ්‍රායල මූලාශ්‍රයක් උපුටා දක්වමින් ක්‍භභ පුවත් සේවය වාර්තා කලේ.
මේ අතර ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ප්‍රකාශ කිරීමෙන් පසු අමෙර්කානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නැව් රැගෙන යාම සඳහා නාවික හමුදාව යෙදවීමට එක්සත් ජනපදය සූදානම් බවයි.
සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගල්ෆ් හරහා ගමන් කරන බලශක්ති නැව් සඳහා දේශපාලන අවදානම් රක්ෂණයක් සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබා දෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බවයි.
ගෝලීය බලශක්ති සැපයුම්වල නිදහස් ප්‍රවාහනය වොෂින්ටනය සහතික කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
යුද ගැටුම් ආරම්භ වීමත් සමග ඇමරිකානුවන් 9,000 කට වැඩි පිරිසක් මැද පෙරදිග සිට ආරක්ෂිතව ආපසු පැමිණ ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මේ අතර මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේවෙතත් ඉන් ජීවිත හානි සිදු නොවූ බවයි කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ මධ්‍යම බුද්ධි ඒජන්සි මධ්‍යස්ථානයකටද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාරතාවල දැක්වෙනවා.




