Published
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම සහ චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම සමඟයි. තරඟාවලියේ පැවති පළමු තරඟයෙන් නිල් කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ, කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම හමුවේයි. ඒ අනුව අද තරඟය නිල් කණ්ඩායමට අතිශය වැදගත්. SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරගය අද ක්‍රිකට් තරඟාවලියේ තරඟ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි. මෙම තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. එමෙන්ම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.