ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T-20 ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙයි ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මේ වන විට කොළඹ ීක්‍ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම අතරයි. කාසියේ වාසිය හිමිකර ගත් නිල් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නිල් කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 60ක් රැස් කරගෙන සිටිනවා. මෙම තරඟාවලියේ සියලු තරඟ http://www.talenttv.lk/ ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. එමෙන්ම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.