ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට පැවැත්වෙනවා. සවස 01යි 30ට මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේදීයි. තරඟාවලියේ අවසන් මහා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායම සහ චරිත් අසලංක නායක නායකත්වය දරන දරන අලු කණ්ඩායමයි. කොළ කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරඟ ජය ගත්තා. අලු කණ්ඩායම ජය ගත්තේ තමන් සහභාගී වූ තරඟ දෙකක් පමණයි. දෙපිල අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරඟයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. එමෙන්ම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
Published