ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ අද පැවති දෙවන තරඟයෙන් චරිත් අසලංක නායකත්වය දරන අළු කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම ලකුණු 24කින් පරාජය කරමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අළු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04කට ලකුණු 192ක් රැස් කළා. නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 70යි. නායක චරිත් අසලංක ලකුණු 59ක් රැස් කළා. කෙසේවෙතත් නිල් කණ්ඩායම කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ කඩුලු 08කට ලකුණු 168ක් පමණයි. පන්දු යැවීමේදී ඉෂාන් මාලිංග කඩුලු 04ක් බිඳහෙළුවා. SLC T-20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි. මෙම තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. එමෙන්ම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයට පැමිණ නොමිලේ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.