SLC T20 ලීගයේ අවසන් සටනේ ජය ග්රීන්ස් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත්විය. ඒ ග්රේස් කණ්ඩායම ලකුණු 23කින් පරායට පත්කරමින්. ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කළ විස්සයි20 ක්රිකට් ලීගයේ (SLC T20 League) අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ග්රේස් කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ග්රීන්ස් කණ්ඩායමට ලබා දෙනු ලැබුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ග්රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුනේ කඩුලු 04ක් දැවී ලකුණු 189ක් පමණයි . වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 47ක් තුළ හතරේ පහර සහ හයේ පහර 5 බැගින් වේගවත් ලකුණු 77ක් රැස් කිරීමට සමත් වුනා. ලකුණු 190ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ග්රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවි රැස්කර ගත්තේ ලකුණු 166ක් පමණි. ග්රේස් කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 50ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් රැස් කරනු ලැබුවා.
Published