කහතුඩුව, පහළගම කුරුඳු ඉඩමකදී සිදු වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සෙබලෙකු වන චාමර ජානක පොරගේ නමැත්තාගේ මෘත දේහය ඔහුගේ ගමට ගෙන ඒමට හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ මෘත දේහය හෝමාගම පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට පවුලේ ඥාතීන් කටයුතු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ හෝමාගම, නියඳගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමය නියමිතයි.
දෙහිවල දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති සුපිරි වෙළඳසැළක රථගාලේදි ගොඩගේ සුදත් කුමාර නොහොත් “බස් අසිත” නැමැති පුද්ගලයාට පසුගියදා වෙඩි තැබීමේ සිද්ධියට අදාල සැකකරු පිළිබඳ තොරතුරක් පොලිස් විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ නිලධාරිට ලද තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව අදාළ සැකකරු සැඟව සිටි කහතුඩුවේ නිවසක පරික්ෂා කිරිමට එම බලකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම ගිය බවයි පොලීසිය පැවසුවේ.
එම අවස්ථාවේ දී නිවසේ සැගවී සිටි සැකකරුු ටී 56 අවියකින් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට වෙඩි තබා තිබුණා.
එහිදි ආරක්ෂාව සදහා එම නිලධාරින් ප්‍රතිපහාර එල්ල කර ඇති අතර එහිදි වෙඩි තැබු පුද්ගලයා තුවාල ලබා තිබෙනවා.
පසුව තුවාල ලැබු පුද්ගලයා මියගිය බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
එම වෙඩි හුමාරුවේ දි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලැබුවා.
එම සිද්ධියෙන් මියගිය වයස අවුරුදු 41ක් වූ චාමර ජානක පොරගේ නම්වූ අයෙක්.
ඔහු විශේෂ කාර්ය බලකායේ සේවය කර 2011 වර්ෂයේ සේවය හැර ගොස් තිබුණා.
මෙම පුද්ගලයා මීට පෙර වෙඩි තැබීම් ගණනාවකට සම්බන්ධ බවටයි දැනටමත් තොරතුරු ලැබී ඇත්තේ. ඔහු දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානත්මක අපරාධකරුවෙකු වන “කොස්මල්ලී” නැමැත්තාගේ වෙඩික්කරු ලෙසද හඳුනාගෙන තිබෙනවා.
මේ අතර සන්නද්ධ කණ්ඩායම් අතර හටගෙන ඇති ගැටුම් පාලනයට රජය මැදිහත් වෙමින් ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.