ශ්‍රී ලංකාවේ ස්වභාවික වන සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා වන “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද දිනයේදී විවෘත කරන බව පරිසර අමාත්‍යංශය පවසනවා.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන්.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුතුව මෙම මෙහෙයුම් ඒකකය පිහිටුවන බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටුවන මෙම ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.
වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්රිත සිදුවන හානි තත්ත්වයන් පිළිබඳ 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබාදීමට හැකි බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා.




