එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය අද ප්‍රකාශයට පත් කලා.

ලෝක කුසලානය වෙනුවෙන් මෙම සංචිතය ප්‍රකාශයට පත් කලේ මීට පෙර පැවති ක්‍රිකට් තේරීම් කමිටුව විසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ ක්‍රීඩකයන් 25ක එම සංචිතය වෙනසක් නොකරන බවයි.

ඒ අනුව එම ක්‍රීඩක සංචිතයට දසුන් ශානක, නායකයා ලෙස කටයුතු කරනවා.

වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ 2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බවයි.

ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිත පාකිස්තානය හා එංගලන්ත විස්සයි 20 තරගාවලි වලදීද ශ්‍රී ලංකා නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බවයි නව තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

01. දසුන් ශානක
02. පැතුම් නිස්සංක
03. කුසල් මෙන්ඩිස්
04. කමිල් ම්ශාර
05. කුසල් පෙරේරා
06. ධනංජය ද සිල්වා
07. නිරෝෂන් දික්වැල්ල
08. ජනිත් ලියනගේ
09. චරිත් අසලංක
10. කමිඳු මෙන්ඩිස්
11. පවන් රත්නායක
12. සහන් ආරච්චිගේ
13. වනිදු හසරංග
14. දුනිත් වෙල්ලාලගේ
15. මිලාන් රත්නායක
16. නුවන් තුෂාර
17. ඒශාන් මාලිංග
18. දුෂ්මන්ත චමීර
19. ප්‍රමෝත් මදුෂාන්
20. මතිෂ පතිරණ
21. ඩිල්ෂාන් මදුශංක
22. මහේෂ් තීක්ෂණ
23. දුෂාන් හේමන්ත
24. විජයකාන්ත් වියස්කාන්ත්
25. ට්‍රවීන් මැතිව්