WhatsApp දැන් අපේ ජීවිතවලට අතිශයින්ම සමීප ජංගම දුරකතන යෙදවුමක්. අපට වැදගත් පණිවිඩ හුවමාරු කර ගැනීමට යොදා ගන්නා WhatsApp අපිවම අමාරුවේ දමා කටයුතු කරන පිරිස්ද නැතුවාම නොවේ. දැන් එවැනි පුද්ගලයින්ට වැට බඳින්න WhatsApp වැඩ පටන් අරන්. ඒ අනුව ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගත් වංචාකරුවන්ට සම්බන්ධ ගිණුම් මිලියන 6යි දශම 8ක් ඉවත් කළ බව එම සමාගම පවසනවා. ඒ අතරින් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පවත්වාගෙන ගොස් ඇති බවටයි දැන් හෙළි වී ඇත්තේ. මෙම වංචාකරුවන්ගේ මධ්‍යස්ථානවලට සම්බන්ධ වී සිටි බොහෝ දෙනෙකුගේ ශ්‍රමය බලහත්කාරයෙන් භාවිතා කර ඇති බවටද WhatsApp සමාගම සොයාගෙන තිබෙනවා. එම සමාගම ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ තම ගිණුම් අන්සතු වීමෙන් ආරක්ෂා කර ගැනීමට WhatsApp හි ද්වි-පියවර සත්‍යාපන විශේෂාංගය වැනි වංචා විරෝධී පියවර භාවිතා කරන ලෙසයි.
Published