Published
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබෙනවා.
චීනයේ පැවති ජාත්‍යන්තර ගෝලීය කාන්තා සමුළුවකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා දූත පිරිස ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ තවත් දෙදෙනෙකු ද සමග පසුගිය 11 වනදා රාත්‍රියේ පිටත්ව ගොස් තිබුණා
පසුව චීන සංචාරය නිමා කර මෙම පිරිස අද දින අලුයම 04.45 ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කර සිටියේ.





