Published
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඉකුත් අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 1. 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉකුත් ජූලි මාසයේදී මෙරට උද්ධමනය වාර්තා වුණේ සියයට 0.7ක් ලෙසයි.
ඒ අනුව ඉකුත් ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0. 8කින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී සියයට 2.2ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 2. 9ක් දක්වා වැඩි වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
පසුගිය ජූලි මාසයේදී ඍණ 0.6ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 0. 4ක් දක්වා වැඩි වී ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.




