Published
05 සහ 06 ශ්‍රේණි හැර පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද නව චක්‍රලේඛයක් මේ වන විට නිකුත් කර ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අංක 27/2025 දරණ එම චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.


