අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඊයේ දිනයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාව විසින් නීත්‍යානුකූලව අදාළ පිස්තෝලය ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් එම පිස්තෝලය 2019 වසරේදී වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදුෂ් එවකදී ලබාදුන් ප්‍රකාශයක් මතයි.
ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම පිස්තෝලය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




