දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් 110,000 පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 100,000 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 50,000ක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගන්න ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
එදිනට විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අල්ලස් කොමිසමට නියෝග කළා
කොළඹ, ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන කේ.සී.කේ කුමාර නැමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.
අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂිකා සුළෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ සවස තුනට පමණ බවත් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම අල්ලස් චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් අදාල ස්ථානයේ සී.සී. ටී. වී දර්ශන ගෙන්වාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ හැකි බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට නියෝග කළා.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම සිදුකළ බැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
පැමිණිලිකරු දෙමටගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයතනයක් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා බදු නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට
කටයුතු කර ඇති අතර එහිදී පසුගිය වසර සඳහා රුපියල් එකොලොස් ලක්ෂයක බදු හිඟ ගෙවීමට තිබෙන බව සැකකරු විසින් පැමිණිලකරුට දන්වා තිබෙන බව අල්ලස් කොමිසම පවසනවා.
රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන්නේ නම් එම හිඟ බදු මුදල ඉවත් කර දිය හැකි බවට සැකකාර කොමසාරිස්වරයා පැමිණිණිලිකරුට දන්වා ඇති අතර ඇමෙරිකරු එම ඉල්ලීමට එකඟතාවය පළ කරමින් එම අල්ලස් මුදල රුපියල් 50000/- දක්වා අඩු කරගෙන තිබේ.
පසුව ඊයේ දින අදාළ දෙපාර්තමේන්තු කාර්යාලයේදී අදාල අල්ලස් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
උදය කුමාර