අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලීසිය පවසනවා.
2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “මාකඳුරේ මදූෂ්” සිදුකළ ප්‍රකාශයක් මත වැලිවේරිය ප්‍රදේශයෙන් සොයා ගැනීමේ සිද්ධියකට අනුව සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අමාත්‍යවරයා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගිනිඅවිය හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වෙත නිකුත් කර තිබූ එකක් බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අපොහොසත් වී තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.




