මේ වන විට පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය තවත් මාස කිහිපයකින් අවසන් වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඖෂධයක් හිඟ වූ වහාම ඒවා කඩිනමින් ගෙන්වීමට නොහැකි බවත් මීට පෙර සිටි පාලකයින් නිසි පරිදි ඇණවුම් ලබා දුන්නා නම් ඖෂධ හිඟයක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පැවසුවා.

කෙසේවෙතත් මේ වන විට පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මැඩපැවැත්වීම සඳහා ක්ෂණික පියවර රැසක් ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.