2025 ICC කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, පසුගිය වර ශූරයින් වූ ප්‍රබල ඕස්ටේ්රලියානු කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ උණුසුම්ම තරඟයම බවට පත් වූ මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 49යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලකුණු 338ක් රැස් කළා. ඕස්ටේ්රලියානු ඉනිම වෙනුවෙන් ෆීබී ලිච්ෆීල්ඩ් පන්දු 93කදී ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවන් මෙම තරඟය ජය ගත්තේ පන්දුවාර 48යි පන්දු 03කදී කඩුලු 05ක් දැවී ලකුණු 341ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෙමීමා රොද්‍ර‘ගස් පන්දු 134කදී නොදැවී ලකුණු 127ක් රැස් කිරීමට සමත් වුණා. ඒ, හතරේ පහර 14ක් සමගින්. ඇයට අනගි සහායක් ලබාදුන් ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කූර් ලකුණු 89ක් රැස් කළා.
ඒ අනුව මෙම තරඟාවලියේ මෙතෙක් අපරාජිතව සිටි එකම කණ්ඩායම වූ ඕස්ටේ්රලියාව තීරණාත්මක තරඟයේදී පරාජයට පත් කළ ඉන්දීය ක්‍රීඩිකාවන් මෙවර කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඕස්ටේ්රලියානු කණ්ඩායම මෙම තරඟයෙන් පරාජයට පත්වීමත් සමග 1973 වසරේ සිට ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ටේ්රලියානු කණ්ඩායම හෝ එංගලන්ත කණ්ඩායම නොමැතිව පැවැත්වෙන පළමු අවසන් මහා තරඟය ලෙස මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉතිහාසයට එක් වනවා.
ඒ අනුව 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 02 වනදා ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.




