Published
පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ අතුරුදන්වූ සිසුවියන් තිදෙනා සොයාගෙන තිබෙනවා.
මෙම දැරියන් තිදෙනා ගාලු මුවදොර පිටියේ සිටියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ.
පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියන් තිදෙනා අද පස්වරුවේ අතුරුදන් වීතිබුනා.
අද පස්වරුවේ පෞද්ගලික පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටත්ව ගොස් ඇති එම සිසුවියන් තිදෙනා අදාළ පන්තියට සහභාගී වී නොමැති බවයි පසුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ.
එම දැරියන් තිදෙනා අද පස්වරු 04ත් 04: 30ත් අතර කාලය තුළ වාද්දුව ප්‍රදේශයේ සැරිසරා ඇති බවද අනාවරණ වී තිබුනා.
එම දැරියන් පිළිබඳ තොරතුරක් වේ නම් වාද්දුව හෝ පානදුර පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි ඔවුන්ගේ මව්පියන් ඉල්ලා සිටියේ




