දිට්වා සුළි කුණාටුව සමග රට පුරා ඇති වූ ආපදා හේතුවෙන් දුම්රිය මාර්ග රැසකට හානි සිදුව ඇති නිසා දුම්රිය 37ක ප්‍රමාණයක් කොළඹට සම්බන්ධ කර ගැනීමට නොහැකිව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම සිදු වන්නේ මුහුදුබඩ මාර්ගයේ සහ අවිස්සාවේල්ල මාර්ගයේ පමණක් බවයි.

එම මාර්ගවල සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලින් සියයට 90ක් පමණ අද දිනයේ ධාවනය කෙරෙන බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පැවසුවා.

ආපදා හේතුවෙන් දුම්රිය ධාවනය සිදු නොවන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා මෙහිදී අදහස් දැක්වුවා.