බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මේ, පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුළ කරුණානායක මහතා.
දිවයින වටා වන මුහුදේ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වුවා.
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගනිමින් එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කරනු ලබන නිවේදනවලට අනුගතව නායයෑම් ලක්ෂණ නිරීක්‍ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ අදාළ ආයතන දැනුවත් අවශ්‍ය උපදෙස්
ලබා ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර තද සුළං සහ වැසි හේතුවෙන් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 396 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අර්ධ නිවාස හානි 88ක් මේ වන විට වාර්තා වී ඇති බවයි.