සිය ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට ආණ්ඩුවට අද දිනයේද අවස්ථාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් සැලසුම් කළ පරිදි හෙට දිනයේ දිවයින පුරා සිය වර්ජනය ආරම්භ කරන බවයි.

ගැටලුවලට විසඳුම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.