ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කරන “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද සිට ආරම්භ වනවා.

එහි සමාරම්භක වැඩසටහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ආරම්භ වන්නේ නෙත් සමග අත්වැල් බැඳගත් ප්‍රධාන පාර්ශ්වවල නියෝජිතයින් ද සමගයි.

“දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනේ අරමුණ කුමක්ද?

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි සහ දිරිය නෙත් ව්‍යාපෘතියේ සභාපති සුනිල් ශාන්ත මහතා.

“දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සමග අත්වැල් බැඳගත් පාර්ශ්ව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.

අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග් ඇතුලු පාසැල් උපකරණ අපට භාරදී මේ සඳහා ඔබට ද එක්විය හැකියි.

හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදුවනවා.

මේ අතර “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරයට සමගාමීව අද දින කලබල පැංචා විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කෙරෙනවා.

එමෙන්ම පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ වැඩමවීමෙන් සිදු කෙරෙන ශාක්‍යාවලෝකනය සදහම් කථිකාවත පෙරවරු අටට ආරම්භ වනවා.

එහිදීද පීඩාවට පත් දරුවන් උදෙසා ලබාදිය යුතු සත්කාරයන් පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.