Published
අද සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබද මේවනවිට තවත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.
ඒ අනුව කැබිනට් මණ්ඩලයට තවත් අලුත් අමාත්‍යවරයෙකු එක් වීමට නියමිතයි.
එහිදී සංශෝධනයට ලක්වන්නේ නිවාස හා ජල සම්පාදන යන විෂය පථයන් බවයි පැවසෙන්නේ.
එම විෂය පථයන්ගෙන් කොටස් අමාත්‍ය බිමල් රත්නායක මහතාට හිමිවනු ඇති.
අලුතින් කැබිනට් මණ්ඩලයට එක්වන අමාත්‍යවරයාට බිමල් රත්නායක මහතා මෙතෙක් දරන විෂය පථයන්ගෙන් කොටසක් හා නිවාස හා ජල සම්පාදන යන විෂය පථයන්ගෙන් කොටසක් ලබා දෙනු ඇති බවටද වාර්තා පලවනවා.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පස්වරුවේ සිදුවීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් පළමු වරට රට හමුවේ අනාවරණය කලේ නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයෙන්.
එම විශේෂාංගයේ සම්පූර්ණ විඩියෝව පහතින්.