Published
අදට යෙදෙන සුනාමි ව්‍යවසනයේ 21 වන සැමරුමට සමගාමීව “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී මෙවරද දුම්රියක් නතර කිරීමට නියමිතයි.
ඒ, සුනාමි ව්‍යවසනයේදී පැරෑලිය ප්‍රදේශයේදී දුම්රියක් මුහුදු රළට ගොදුරු වීමේ සිද්ධිය අනුස්මරණය කරමින්.
ඒ අනුව මෙවර නතර කරනු ලබන්නේ උදෑසන 06.25ට මරදානෙන් ගමන් ආරම්භ කළ බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කළ දුම්රියයි.
එය පෙරවරු 09.00ට “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස විනාඩි 10කට නතර කර තැබෙනවා.
පසුව එම දුම්රියෙන් පැමිණෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අදාල ස්ථානයේ පැවැත්වෙන සුනාමි සැමරුම් වැඩසටහනට එක්වීමට නියමිතයි.




