අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට කොළඹ ප්‍රදේශයට ඇද හැලෙන තද වැසි හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් පිරී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.