Published
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 03.30 දක්වා එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු ඊට සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මෙවැනි පනතක් මේ මොහොතේ ගෙන ඒමේ අරමුණ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව තිබුණා. ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධි විධානයකට අනනනුකූල නොවන බවයි එමඟින් දන්වා තිබුණේ. එබැවින් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් එය සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්නේ.