විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් පල කල අදහස් පහතින් දැක්වේ.
වත්මන් රජය බලයට පත් කිරිමට අති විශල බලයක් දායකත්වයක් ලබා දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ගුරුවරු, අධ්‍යාපනය නිලධාරීන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධිත පාර්ශ්වය වුවත් බලයට පත්වීමෙන් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීමය ගැටලු විසදීමට රජය ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාද කරමින් සිටින බවත් මේ වෘත්තීය කණ්ඩායම්වල ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට ඉල්ලීම් කිරීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙ පුරප්පාඩු රැසක් පවතිනවා
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සේවයේ නියුතු හා පුරප්පාඩු වී ඇති ආචාර්ය කථිකාචාර්යවරුන්ගේ දත්ත ඇතුළත් සවිස්තර වාර්තාවක් සභාගත කරන ලෙසත් මේ පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගැනීමක් සිදු කරන්නේද නැත්නම් මේ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බරපතල කඩා වැටීමකට ලක් වන්නේ නම් රජය ලබා දෙන විකල්ප විසදුම් කවරේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ආචාර්ය කථිකාචාර්ය හිගයක් ඇති බවත් බහුතරයක් රට ඇතහැර ගොස් ඇති නිසා එළැඹෙන අයවැය මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට වැටුප් විෂමතා ඉවත් කිරිමට සහ විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ නැංවීමට ගන්නා ක්‍රියාමාර්ග මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ද ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කි. මි. 5න් 5ට වැසිකිළි හදනවාට වඩා කි. මි. 3න් 3ට පාසල් හදන එක හොදයි. හැබැයි අද ඒකත් වෙන්නේ නෑ.
එසේම රජය අඩු ළමුන් සංඛ්‍යාවක් සහිත පාසල් වසා දැමීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් එවැනි පාසල් හදුනා ගැනීමට රජය අනුගමනය කරන නිර්ණායක සංඛ්‍යාවත් ඒ අනුව වසා දැමූ පාසල් මෙන්ම වසා දැමීමට හදුනා ගෙන ඇති පාසල් සංඛ්‍යාවත් මේ නිසා දරුවන්ට අගතියක් සිදු නොවන බවට රජයේ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් කි. මි. 3න් 3ට පාසල් හදනවා කියූ රජය අද පාසල් වහන්න යන බවත් මේ ගැන දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කි. මි. 5න් 5ට වැසිකිළි හදනවට වඩා පාසල් දියුණු කිරීම තුළ සිරගෙවල් ප්‍රමාණය ද අඩු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුරුවරුන්ට හිමි ඉදිරි තුනෙන් දෙක දෙන්නේ කවදාද?
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය ගැන සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් මේ යටතේ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයට ඇති වූ ගැටලුවලට රජය දුන් විසදුම් ඉදිරිපත් කරන ලෙසත් ගුරුවරුන්ට ලබා දිය යුතු ඉතිරි තුනෙන් දෙකේ වැටුප් වැඩි වීම පොරොන්දු වූ පරිදි 2026 අයවැයෙන් ලබා දෙන්නේද මෙන්ම ගුරුවරුන්ට ලබා දෙන දුෂ්කර දීමනා ඉහළ නංවන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මධ්‍යම පළාත් ගුරු විභාග ගැටලුව විසදන්න
2023. 10. 30 දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කැබිනට් අනුමැතිය සහිත මධ්‍යම පළාත් ගුරු විභාගය සහ ප්‍රායෝගික පර්යේෂණය සමත් 500කට අධික පිරිසක් බදවා ගෙන නැති බවත් පුරප්පාඩු 6334ක් ඇති තවත් 500ක් බදවා ගැනීමට ඇති නිසා මේ බදවා ගැනීම් සිදු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුරු සංවර්ධන නිලධාරීන් තවමත් මහපාරේ
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමට රජය ගෙන ඇති පියවර පැහැදිලි කරන ලෙසත් 16600ක් කොරෝනා කාලයේ සහ ඊට පෙර සිට අධ්‍යාපනය ලබා දුන් මේ අය මහපාරේ බවත් සමථකරණ තීන්දුවක් පවා ඇති මොහොතක රජය ඒවා ඉටු නොකරන බවත් මේවා කරනවා කියා මැතිවරණ කාලයේ කිව්වත් අද මේ ගුරු සංවර්ධන නිලධාරීන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.