පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අද පස්වරු 06 දක්වා බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර යන ප්‍රදේශ - කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට යන ප්‍රදේශ - මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල යන ප්‍රදේශ - නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙසයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ. මේ අතර අද දිනයේද සවස් කාලයෙහි ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 01න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Published