Published
                
                 
                
            අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින්.
ඒ අනුව මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මගින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් මිලදී ගැනීමට නියමිතයි.
ලංගම අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමින් ගෙවීමේ පදනමෙන් සෙසු බස් රථ මිලදී ගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.




