උහන පොලිස් වසමේ වැරැන්කැටගොඩ ප්‍රදේශයේ ඉඩමක අනවසර කැණීම් කළ සැකකරුවන් 13 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල ඉඩමේ පිහිටා ඇති ගලක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පුපුරන ද්‍රව්‍ය යොදා අනවසර ලෙස කැණීම් කරමින් සිටියදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 සහ 66 අතර වයස්වල පසුවන ඇහැලියගොඩ, කරදන, උහන හා වැරැන්කැටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. උහන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.