වවුනියාව, කනගරායන්කුලම, කුරිසුඩ්ඩකුලම ප්‍රදේශයේදී අනවසරෙන් ඉදිකොට තිබූ විදුලි වැටක ගැටීමෙන් වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ වගාවක් වට කොට අනවසරෙන් සකස් කොට තිබූ විදුලි වැටක ගැටීමෙන් වන අලියා එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ ඉඩමේ අනවසරෙන් විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් වගා ඉඩමේ අයිතිකරු හා වගාව රැකබලාගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.