Published
අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් එම වංචනික ක්‍රියා සිදුවන බවයි පොලීසිය පැවසුවේ.
එවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි වාර්තා වන බව ද පොලීසිය පවසනවා.
පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය සමුහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදු කරන වංචනික පෙළඹවීම්වලට හසු නොවන ලෙසයි.
ගිණුම් අංක, මුරපද ආදී රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙසත් පොලිසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. -



