Published
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රදේශ 253 ක වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ලබන 29 වනදා පැවැත්වෙනවා.
එදින පෙරවරු හතේ සිට මධ්‍යහ්න 12 දක්වා එම වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මකයි.
මිනිස් ක්‍රියාකාරකම් බහුලව සිදු වන ප්‍රදේශ තෝරා ගනිමින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ එම වැඩසටහන ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ.
ආර්ථික වටිනාකමක් සහ සුන්දරත්වයෙන් අනූන වෙරළ තීරය අනාගත පරපුරටද උරුම කර දීම සඳහා යුද හමුදාව එම වැඩසටහනට එක්වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඪ