අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති එච් සී/69/2018 අංක දරණ මූල්‍ය වංචා සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර මුදා හැර ඇති බව පවසමින් අනුරාධපුර මහාධිකරණයට කූඨ ලේඛනයක් ඉදිරිපත් කර අදාළ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා මේ මස (11) දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා
මෙම සිද්ධියට සම්බන්ධව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මෝහාන් කරුණාරත්න යන අයයි.
සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ. අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු ඉකුත් වෙසක් පෝය දිනයෙහි ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට වන කූට ලේඛනයක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගේ අත්සනින් යුතුව අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවටත් එකී ලිපිය සලකා බලා අදාල විත්තිකරු ඔහුට එරෙහිව තිබූ නඩුවෙන් මුදා හැර ඇති බවත් පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බවයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද කියා සිටියා.
අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච් සී 69/2018 අංක දරණ නඩුවේ. විත්තිකරු ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ලිඛිතව අනුරාධපුර මහාධිකරණයට දැනුම් දී තිබුණද ප්‍රශ්න ගත නඩුවේ විත්තිකාර විජයකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට ජනාධිපතිවරයා ඉකුත් වෙසක් පෝය දිනයේ පොදු සමාව ලබාදී නැති බවද අවධාරණය කළේය.
ඒ අනුව අදාළ විත්තිකරුට ජනාධිපති පොදු සමාව ලබා දී ඇති බවට සිය අත්සනින් යුතුව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිය කූට ලෙස සකසන ලද එකක් බවට සැක කරන්නේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
මෙම ක්‍රියාව සැලසුම් සහගතව චේතනාන්විතවම සිදුකළ එකක් බවට බැලූ බැල්මට පෙනී යන බවත් ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටින බවටත් සැක කරන්නේ යයිද කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද පැවසීය.
දිවයිනේ වෙනත් බන්ධනාගාරවලද මේ වැනි අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණයට දැන්වීය.
සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අයැද සිටියේය.
සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා පැවසුවේ. අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච්.සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකරු. ජනාධිපති පොදු සමාව යටතේ මුදාහැර ඇති බවට සිය සේවා දායකයා ලිඛිතව අධිකරණයට දැනුම් දුන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නීතීන්ට අනුකූලව විධිමත් ආකාරයෙන් බවයි.
තම සේවා දායකයා කිසිදු අනීතික ක්‍රියාවක් සිදුකොට නැති බවද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සිය සේවා දායකයා නීත්‍යානුකූලව රාජකාරී ඉටුකර ඇති පසුබිමක ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ නම් අයුක්ති සහගත බවද කීවේය .
කූට ලේඛන සකස් කළ බවට සිය සේවා දායකයාට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කල ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා සිය සේවාදායකයාගේ නිර්දෝශී බව ඉදිරියේදී තහවුරු කරන බවද කීවේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතීන්ට අනුව සිදුකළ රාජකාරියක් වැරදි එකක් බවට හුවා දක්වන්නේ නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යල් පැනගිය නීති අණ පනත් සංශෝධනය කළ යුතු බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද මහතා සඳහන් කළේය.
තම සේවා දායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්න යැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ මස (11)දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කෙරිණ.