Published
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ලබන 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහු අද අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදෙනු ලැබුවා.
මොහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 08 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේයි.